ආයුබෝවන්

Ccentral Province Flag Sri Lankaශ‍්‍රි ලංකා මධ්‍යම පලාතේ පළාත් ආදායම් දෙපාර්තෙමින්තුවේ වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තූතියි.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ක‍්‍රම ව්‍යවස්ථාවේ නීතිමය ප‍්‍රතිපාදන තූළ මධ්‍යම පළාත් සභාව විසින් සම්මත කරගත් 1990 අංක 17 දරණ මුදල් ප‍්‍රඥප්තියේ නීතිමය රාමුව තුල මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇති අතර මුදල් අමාත්‍යවරයා වන ගරු ප‍්‍රධාන අමාත්‍යතුමාගේ සහ ප‍්‍රධාන ගණන්දීමේ නිලධාරි වන මධ්‍යම පළාත් ප‍්‍රධාන ලේකම්තුමාගේ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වේ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවලට අදාලවන ආදයම් ප‍්‍රභවයන් ඵලදායිව පරිපාලනය කිරීම මඟින්  පළාතේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍යවන මූල්‍ය සම්පත්, බදු හා ගාස්තු වශයෙන් රැස් කිරීමටත්, ඒ සඳහා අවශ්‍යවන විධිමත් වැඩපිළිවෙලක් කාලීන අවශ්‍යතා මත පවත්වාගෙන යාමත් අරමුණයි.

බදු හා ගාස්තු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, උපදෙස් සැපයීම සහ බදු හා ගාස්තු ගෙවීම සඳහා ලිපි ලේඛන සැපයීමත් අපගේ සේවාවන්ය.

Our Themeදෙපාර්තමේන්තුවේ තේමාව

රොන් අරගෙන සෙමින් යන ලෙස බිඟුන් කුසුමින්
ලොවට දුක් නොදෙමින් - ගනිති අයපඬුරු පෙර නියමින්

 


Our Visionඅපගේ දැක්ම

මධ්‍යම පළාත් ආදායම් ප‍්‍රවර්ධනය සඳහා ඉහළම දායකත්වය ලබා දීම.


Our Mission

අපගේ මෙහෙවර

ව්‍යවස්ථාපිත ආදායම් මූලාශ‍්‍ර තුලින් ආදායම් රැස්කිරිමත් බදු හා ගාස්තු ගෙවිය යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමත් ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන්, සමානාත්මතාවයෙන් හා සාධාරණව කටයුතු කිරිමෙන් මධ්‍යම පළාතේ ආදායම වැඩි දියුණු කිරිම මඟින් පළාත්වාසින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.

 

FaLang translation system by Faboba