Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்

සිංහල (Sinhala)தமிழ் (Tamil)English

Homeබදු හා ගාස්තුබදු හා ගාස්තු

මුද්දර ගාස්තු

dutiesනිර්වචනය

  • මධ්‍යම පළාතේ: අංක 1990 අංක 17 දරණ මුදල් ප‍්‍රඥප්තියේ 37 වගන්තිය ප‍්‍රකාර මුද්දර ගාස්තු අය කරනු ලැබේ.

අය කිරීම්

  • මධ්‍යම පළාත තුළ පිහිටි නිශ්චල දේපලක් අන්සතු කර සින්නක්කරයේ විකුනන සෑම ඔප්පුවක් සම්බන්ධයෙන් ද,
  • ශ‍්‍රි ලංකාවේ මධ්‍යම පළාතේ නීතිය මඟින් සංස්ථාපනය කර ඇති  ඕනෑම අධිකරණයයක ගොනු කරන නඩුවක් සඳහා ඉදිරිපත් කෙරෙන සෑම ලියවිල්ලක් ම සම්බන්ධයෙන්ද,

ගාස්තුවක් අය කරනු ලැබිය යුතුය.

ක‍්‍රියාත්මක වීම

  • 1991 ජනවාරි 01 වෙනි දින සිට   ක‍්‍රියාත්මක වේ

මුද්දර ගාස්තු ප‍්‍රමාණයන්

01.

කිසියම් දේපලක් හුවමාරු කිරිම -  සම උරුමක්කාරයන් අතර නොවන විට*

a. වටිනාකම සමාන නම්

වෙළඳපොල වටිනාකම මත දේපොළ පැවරිම සඳහා එම ගාස්තුවම

 

b. වටිනාකම සමාන නොවන්නේ නම්

වෙළඳපොළවටිනාකම මත ගණන් බලා ඉහළ වටිනාකම මත දේපොල පැවරිම සඳහා එම ගාස්තුවම

 

කිසියම් දේපලක් හුවමාරු කිරිම -  සම උරුමක්කාරයන් අතර වන විට*

a. වටිනාකම සමාන නම්

 

රු. 10.00

 

b. වටිනාකම සමාන නොවන්නේ නම්

සමානකම සඳහා මුදල් පිළිබඳ සැලකිල්ලක් දක්වනු ලැබේ නම්, හුවමාරු කරගනු ලබන දේපල පිළිබඳ වෙළපලේ වටිනාකම්වල වෙනසට සමාන වන කල්හි එම දේපල හුවමාරු කිරිමේදී අදාළ වන ගාස්තුවම

02.
 

නිශ්චල දේපොල ත්‍යාග කිරිම*

 

a. වටිනාකම රු: 50,000 ක් හෝ හෝ ඊට අඩු විට

සෑම රු:100 ක් හෝ ඉන් කොටසක් සඳහා

රු. 3.00

 
 

b. වටිනාකම රු: 50,000 ඉක්ම වු විට
 

පළමු රු: 50,000 සඳහා

 රු. 1,500.00

ඉතිරි ශේෂයේ සෑම රු: 100ක් හෝ ඉන් කොටසක් සඳහා

රු. 2.00

 03.
 

නිශ්චල දේපොල සින්නක්කරයේ විකිණීම*

 

a. වටිනාකම රු: 100,000 ක් හෝ හෝ ඊට අඩු විට

සෑම රු:100 ක් හෝ ඉන් කොටසක් සඳහා

 රු. 3.00

 
 

b. වටිනාකම රු: 100,000 ඉක්ම වු විට
 

පළමු රු: 100,000 සඳහා

 රු. 3000.00

ඉතිරි ශේෂයේ සෑම රු: 100ක් හෝ ඉන් කොටසක් සඳහා

රු. 4.00

04.

නඩුවක් සඳහා ඉදිරිපත් කෙරෙන හෝ ගොනු කෙරෙන ලියවිල්ලක් සඳහා*

a. මහාධිකරණය

සෑම රු: 1000 ක් හෝ ඉන් කොටසක් සඳහා (උපරිමය රු:2000)

රු. 2.00

 05.

b. දිසා අධිකරණය

සෑම රු: 1000 ක් හෝ ඉන් කොටසක් සඳහා (උපරිමය රු:1,000)

රු. 1.00

ගැසට් පත‍්‍රය

* ගැසට් නිවේදනය -642/18, 1990.12.28


මුද්දර ගාස්තු සඳහා තක්සේරු කිරිම (නිශ්චල දේපල)

තෑගි කරනු ලැබු නිශ්චල දේපලක් නොවන යම් දේපොලක් සහ යම් දිනයක් සම්බන්ධයෙන් වන විට තක්සේරුකරුගේ මතය අනුව, එදිනට විවෘත වෙළඳපොලේදී ඒ දේපලට ලැබිය හැකි මිල ගණන අදහස් වේ.

ත්‍යාග කරන්නා විසින් 1977-03-31 දින හෝ ඊට පෙර අත්පත් කර ගන්නා ලද පසුව තෑගි කරනු ලැබුවාවු යම් නිශ්චල දේපොලක් වු විට,

  1. තක්සේරුකරුගේ මතය අනුව එම දේපොල 1977-03-31 දින විවෘත වෙළඳපොලේ අලෙවි කළේ නම් ඒ සඳහා ලැබිය හැකිව තිබු මිලට, 1977-03-31 දිනෙන් පසුව සහ සාධන පත‍්‍රයේ දිනට පෙර එම දේපලට යම් එකතු කිරිම් කර ඇත්නම් ඒ සඳහා වැය වු මුදල එකතු කිරිමෙන් ලැබෙන මුදල

    හෝ

  2. තක්සේරුකරුගේ මතය අනුව එම දේපොල ත්‍යාාග කරන ලද ඔප්පුව ලියු දිනයේ දී විවෘත වෙළඳපොලේ අලෙවි කළේ නම් එම දේපල වෙනුවෙන් ලැබිය හැකිව තිබුණු මිල


මෙයින් කුමන හෝ අඩු මිල ගණන අදාළය.
 

ත්‍යාග කරන්නා විසින්  1977-03-31 දිනෙන් පසුව අත්කර ගන්නා ලද නිහ්චල දේපොලක් වු විට අදහස් කරන්නේ -

  1. තක්සේරුකරුගේ මතය අනුව එම දේපොල තෑගි කරන්නා විසින් අත්කර ගන්නා දිනයේ විවෘත වෙළඳපොලේ දී අලෙවි කළේ නම් ඒ සඳහා ලැබිය හැකිව තිබු මිලට, තෑගි කරන්නා විසින් එම දේපොල අත්කර ගැනිමෙන් පසු  සහ සාධන පත‍්‍රයේ දිනයට පෙර එම දේපලට වැඩි දියුණු කිරිම්, වෙනස් කිරිම් සහ එකතු කිරිම් සඳහා වියදම් වු මුදල එකතු කිරිමෙන්  ලැබෙන මුදල

    හෝ

  2. තක්සේරුකරුගේ මතය අනුව එම දේපොල ත්‍යාග කරන ලද ඔප්පුව ලියු දිනයේ දී විවෘත වෙළඳපොලේ දී අලෙවි කළේ නම් එම දේපොල වෙනුවෙන් ලැබෙන මිල ප‍්‍රමාණය

මෙයින් කුමන හෝ අඩු මිල ගණන අදාළය.


ඔප්පුවක් ලියා සහතික කිරිමේ දී ගෙවිය යුතු ගාස්තුව

නිශ්චල දේපොලක් සින්නක්කරයේ විකිණීම/ අන්සතු කිරිම සම්බන්ධයෙන් වු විට එම ලේඛනය හෝ ඔප්පුව සඳහා ගෙවිය යුතු මුද්දර ගාස්තුව නියමිත බැංකුවකට ගෙවිය හැකිය. එම බැංකුව ඒ සඳහා නියමිත ආකෘතියේ මුද්දර ගාස්තුව ගෙවු බව සහ එම දිනය සඳහන් සහතිකයක් නිකුත් කරනු ඇත. එසේ බැංකුව විසින් නිකුත් කරනු ලබන සහතිකය ඔප්පුවේ අලවා තැබිය යුතුය.

මෙම බැංකු සහතිකය මහජන බැංකුවේ හෝ ලංකා බැංකුවේ  ඕනෑම ශාඛාවකින් ලබාගත හැකිය.

මුද්දර ගාස්තු

Central Province Road Development ඔබේ දේපලට නියම වටිනාකමක්

ව්‍යාපාර පිරිවැටුම් බද්ද

alternative power and energy මැද රට නැඟුමට ව්‍යාපාරික සවිය

ඔට්ටු බද්ද

housing_construction services විනෝදයට ආර්ථික වාසියක්

අප වෙත පැමිණෙන්න

Reach us අංක 244, කටුගස්තොට පාර,
මහනුවර, ශ‍්‍රී ලංකාව.

Joomla template by Joomlashine.com